ඉන්දියාව සහ ප්‍රංශය අතර අමෙරිකානු ඩොලර් බිලියන 10ක ආරක්ෂක ගනුදෙනුවක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන පෙබරවාරියට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරයට පෙර ඒ සඳහා වන කැබිනට් කමිටු අනුමැතිය ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
පෙබරවාරි මස 10 සහ 11 දෙදින ප්‍රංශයේ පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගි වීමට නියමිතව ඇති අතර, දෙරට අතර එම මහපරිමාණයේ ආරක්ෂක ගනුදෙනුව සම්බන්ධ කටයුතු අවසන් කරගැනීම ඉන්දීය රජයේ අපේක්ෂාව වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ප්‍රංශයේ නිෂ්පාදනය කරනු ලබන රෆායෙල් ප්‍රහාරක ජෙට් යානා 26ක් මිලදී ගැනීම සහ ඉන්දීය නාවික හමුදාවට ගුවන්යානා රැගෙන යන නෞකා සහ නවීන තාක්ෂණයෙන් යුතු සබ්මැරීන 3ක් මිලදී ගැනීම එම ආරක්ෂක ගනුදෙනුවට ඇතුළත් බව ද සඳහන්.
එම ආරක්ෂක ගනුදෙනුව සඳහා ඉදිරි සති දෙක ඇතුළත කැබිනට් කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.