Latest News

SL vs IND T20: පළමු තරගය අද රාත්‍රියේදී

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක ඉන්දීය ක්‍රිකට් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (27) රාත්‍රි 7.00ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වනවා.

මේ දෙපි­ලම නාය­ක­ත්ව­යෙන් සහ පුහු­ණු­කා­රි­ත්ව­යෙන් වෙන­ස්කම් සම­ඟින් තරග බිමට පිවි­සෙන අතර, චරිත් අස­ලංක ශ්‍රී ලංකා කණ්ඩා­යම මෙහෙ­ය­වන්නේ පළමු වර­ටයි.

සූර්ය­කු­මාර යාදව් මින් පෙර පසු­ගිය වසරේ තරග 7කදී ඉන්දීය පිල මෙහෙ­යවා ඇති අතර,ඉන් තරග 5ක් ඉන්දි­යාව ජය ගනිද්දී තරග 2ක් පරා­ජය වී තිබේ. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා­වට එරෙ­හිව නාය­ක­ත්වය දෙන පළමු අව­ස්ථාව මෙයයි.

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජය­සූ­රිය ශ්‍රී ලංකා කණ්ඩා­යමේ වැඩ­බ­ලන පුහු­ණු­කරු ලෙසත්, ගෞතම් ගාම්භීර් ඉන්දීය කණ්ඩා­යමේ නව පුහු­ණු­කරු ලෙසත් මේ තර­ගා­ව­ලි­යට එක්වනවා.

ජාත්‍ය­න්තර විස්සයි20 පිටි­යේදී මේ දෙරට 29 වරක් හමුව ඇති අතර, ඉන් තරග 19ක් ඉන්දි­යාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජය­ගෙන ඇති තරග සංඛ්‍යාව 9ක් පමණයි.

මේ දෙපිල අව­සන් වරට පසු­ගිය වසරේ ජන­වාරි මස ඉන්දි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් හමුවූ අතර, එහිදී තරග 3-2ක් ලෙස ඉන්දි­යාව ජය වාර්තා කළා.

කෙසේ වෙතත් ද්වීපා­ර්ශ්වික තර­ගා­ව­ලි­ය­කින් දෙපිල අව­සන් වරට මෙර­ටදී හමු­වූයේ 2021 වස­රේ­දීයී.

එහිදී තරග 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා­වයි.

ඉන් පසු ශ්‍රී ලංකාව විස්සයි20 තර­ගා­ව­ලි­යක් ජය­ගෙන නැහැ.

World News