තම රජය චීනය සමඟ සාමකාමී සහ ගෞරවනීය හුවමාරු සඳහා විවෘත බව නැවත අවධාරණය කරන අතර බීජිං පාලනය විසින් තමන් ඉලක්ක කරගනිමින් සිදු කරන ක්‍රියාවල වර්ධනය අවහිර කරන බව තායිවානයේ ජනාධිපති ලායි චිං-ටේ පවසනවා.
ඉකුත් 2024 මැයි මාසයේ දී බලයට පත්වීමෙන් පසු ඔහුගේ, පළමු අලුත් අවුරුදු දේශනයේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ.
කෙසේ නමුත් තායිවානය චීනය සමඟ සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රමවත් හුවමාරුවක් අපේක්ෂා කරන නමුත් අන්‍යෝන්‍ය ගෞරවයේ මූලධර්මය යටතේ පමණක් එය සිදු කරන බවද ඔහු අවධාරණය කරනවා.
මේ අතර තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහු චීනය විවේචනය කළ අතර, මෙම ප්‍රයත්නයන් “ප්‍රතිඵලදායක” සහ දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැගීමට හානිකර ලෙස ඔහු හඳුන්වනවා.
තම පුරවැසියන්ට එක්සත් ජනපදය සහ ජපානය වැනි රටවලට නිදහසේ ගමන් කළ හැකි ලෙස කටයුතු සම්පාදනය කර තිබිය දී තායිවානය සම්බන්ධයෙන් මෙම සියලු පාලනයන් ඇත්තේ මන්දැයි මාධ්‍යවේදීන් චීනයෙන් ඇසිය යුතු බව ද ජනාධිපතිවරයා එහි දී පවසා තිබෙනවා.