Latest News

ටිංටිං සහ පපායි ගැන අමෙරිකාව විශේෂ තීරණයක් ගනියි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘A Farewell to Arms’ සිට ‘පපායි’ (Popeye the Sailor) යන කාටූන් චරිතය දක්වා දහස් ගණන් කලාත්මක කෘති බදාදා සිට අමෙරිකා එක්සත් ජනපදයේ පොදු දේපළක් බවට පත්ව තිබෙනවා.

ඒ, අමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ පොත්, චිත්‍රපට සහ අනෙකුත් කලා කෘති සඳහා තිබෙන ප්‍රකාශන හිමිකම් නීතිය වසර 95කට පසු කල් ඉකුත්වීමත් සමඟයි.

ඒ අනුව 1924 සිට ශබ්ද පටිගතකිරීම් සඳහා වන ප්‍රකාශන වලද ප්‍රකාශන හිමිකම් බලරහිත වනු ඇති.

පොදු භාවිතය වෙත ඇතුළු වීමෙන් පසු ඕනෑම පුද්ගලයෙක්ට, අදාළ ප්‍රකාශනයේ මුල් හිමිකම් ඇති හිමිකරුට මුදල් නොගෙවා එහි කොටස් පිටපත් කිරීමට, බෙදාගැනීමට, ප්‍රතිනිෂ්පාදනය කිරීමට හෝ අනුවර්තනය කිරීමට හැකියි.

1929 දී බෙල්ජියම් පුවත්පතක සිය මංගල දර්ශනය ආරම්භ කළ විකට චරිතයක් වන ටින්ටින් වැනි අන්තර්ජාතිකව පිළිගත් චරිතය සහ කාටූන් ශිල්පී Elzie Crisler Segar විසින් නිර්මාණය කරන ලද Popeye the Sailor ද මෙලෙස ප්‍රකාශන හිමිකම් නීතිය කල් ඉකුත් වූ කලා නිර්මාණ අතරට අයත්.

සෑම දෙසැම්බර් මාසයකම, Center for the Study of the Public මගින් නව වසරේ ප්‍රකාශන අයිතිය අහිමි වන කලා කෘති ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරනවා.

World News