අන්තර්ජාතික T20 ක්රිකට් පිටියේ ලකුණු 2,000 සම්පූර්ණ කළ පළමු ශ්රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබෙනවා.
නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවති තුන්වැනි සහ අවසන් T20 තරගයට පෙර තරග 76කදී ඉනිම 75ක් ක්රීඩා කර ඇති කුසල් පෙරේරා ලකුණු 1,955ක් රැස්කළා.
කෙසේවෙතත් පන්දු 46කදී අද රැස්කළ ලකුණු 101ත් සමග අන්තර්ජාතික T20 පිටියේ ලකුණු 2,000 පසුකර ගිය පළමු ශ්රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරාට හැකිවුණා.
ඒ අනුව T20 තරග 77කදී ඉනිම 76කට මුහුණදී ඇති කුසල් ජනිත් පෙරේරා ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 2,056ක් රැස්කරගෙන තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා රැස්කළ මෙම ශතකය T20 අන්තර්ජාතික පිටියේ ශ්රී ලාංකික ක්රීඩකයකු රැස්කළ වේගවත්ම ශකයකයයි.
මීට පෙර දිල්ෂාන් පන්දු 55කදී සහ මහේල පන්දු 64කදී T20 පිටියේ ශතක රැස්කර තිබුණා.
කුසල් පෙරේරාගෙන් පසු T20 පිටියේ ලකුණු 2000 සම්පූර්ණ කිරීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස්ට පවතින අතර ඔහු තරග 78කදී මේ වන විට අර්ධ ශතක 15ක් සමගින් ලකුණු 1920ක් රැස්කරගෙන තිබෙනවා.