Latest News

ඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව හෙට සිට යළිත් ඇරඹේ

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබෙනවා.

පසුගිය වසරේ (2024) ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට නැව් සමාගම තීරණය කළා.

කෙසේ වෙතත් මෙම නැව් සේවාවට මෝසම් වර්ෂාව මගින් දැඩි බලපෑමක් එල්ල කිරීමෙන් නැව් සේවාව නවතා දැමීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කොට ඊට විකල්පයක් සෙවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබගැනීමටද සිවගංගි නැව් සේවා සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

හෙට (02) දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවාව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබූ අතර ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක් බවට දක්වා තිබෙනවා.

එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා.

World News