Latest News

පාකිස්ථානයේ මහාපරිමාණ බිළිඳු ජාවාරමක් ගැන හෙළිදරව්වක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්ථානය තුළ ක්‍රියාත්මක මහාපරිමාණ බිළිඳු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එම ජාවාරම යටතේ පාකිස්ථානයේ දිළිඳු පවුල්වල අලුත උපන් බිළිඳුන් මිලියන ගණනට අළෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ම්ලේච්ඡ මිනිස් ජාවාරම යටතේ අලුත උපන් කිරිකැටි දරුවන් ‘පශු සම්පත්’ ලෙසින් විශාල මුදලකට විකුණන බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

අවාසනාවකට මෙන්, අලුත උපන් බිළිඳුන් නීතිවිරෝධී ලෙස මුදලට අළෙවි කිරීමේ වෙළඳාම පාකිස්ථානය තුළ කෙතරම් සංවිධානාත්මක වී ඇත්ද යත්, එය බලධාරීන්ට පාලනය කිරීමට නොහැකි තරම් බව පාකිස්ථාන ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාකිස්ථානය තුළ පවතින දේශපාලන අර්බුදය, ඒ ඔස්සේ දිනෙන දින උඩුදුවමින් ඇති ආර්ථික අර්බුදය දරාගැනීමට නොහැකිව, මූලික අවශ්‍යතා හෝ සපුරා ගත නොහැකි පාකිස්ථානයේ දිළිඳු පවුල්වල මව්පියන් තම අලුත උපන් බිළිඳුන් විකුණා ජීවත් වීමේ තත්ත්වයට පත්ව තිබෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් හි ARY News සිදු කර ඇති ප්‍රධාන හෙළිදරව්වකදී මෙම වෙළඳාමට සම්බන්ධ කණ්ඩායමක් පිළිබඳ අනාවරණ කර තිබුණා.

එම අනාවරණයට අනුව පාකිස්ථානයේ දිළිඳු මව්පියන්ට දාව උපදින දරුවන් මිලදී ගන්නා කාණ්ඩ දෙකක් සිටිනවා.

ඉන් එක් කාණ්ඩයක් වන්නේ දරුවන් නොමැති නිසා දරුවකු නීත්‍යානුකූල ලෙස ලබාගැනීමට ඉදිරිපත්ව සිටින අඹු සැමියන් වන අතර අනෙක් කාණ්ඩය වන්නේ වහල් සේවය සඳහා තරුණ ගැහැණු ළමුන් මිල දී ගන්නා අපරාධකරුවන් බවයි පැවසෙන්නේ.

එම ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති එක් ගනුදෙනුවකදී, දින තුනක් පමණක් වයසැති පිරිමි දරුවෙකු සහ දින 26 ක් වයසැති ගැහැණු දරුවකු පාකිස්ථාන රුපියල් මිලියන 2.3 ක මිලකට විකිණීමට උත්සාහ කළ කණ්ඩායම සොයාගෙන තිබෙනවා.

ගනුදෙනුවේදී ජාවාරම්කරුවන් පිරිමි දරුවාට මිල රුපියල් මිලියන 1.4 ක මිලක් නියම කර ඇති අතර, ගැහැණු ළමයා අලෙවි කර ඇත්තේ රුපියල් 900,000ක මිලකටයි.

වඩාත්ම කණස්සල්ලට පත්වන හෙළිදරව්ව වන්නේ, මෙම දරුවන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් විසින්ම අපරාධකරුවන්ගේ ජාලයක් හරහා අළෙවි කරන බව අනාවරණය වීමත් සමඟයි.

මෙම සිද්ධියට පෙර අදාළ මිනිස් ජාවාරම් කල්ලිය බිළිඳුන් 25 කට ආසන්න සංඛ්‍යාවක් විකුණා ඇතැයි ද හෙළිවී තිබෙනවා.

World News