Latest News

සිරියානු විදේශ ඇමැති සෞදියේ නිල සංචාරයකට සූදානම්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබියේ නිල සංචාරයක් සිදු කරන්න යැයි ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු කළ ආරාධනය පිළිගත් බවත් එය තමාගේ ප්‍රථම නිල විදෙස් සංචාරය වනු ඇති බවත් සිරියානු විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි ප්‍රකාශ කරනවා.

සිරියාව නියෝජනය කරමින් සෞදි අරාබියාව නිල සංචාරයක නිරත වීමට හැකිවීම තමා ලද ගෞරවයක් බව විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවසුවා.

නිල සංචාරයේදී සෞදි අරාබියාව සමග උපාය මාර්ගික සබඳතාවක් ගොඩ නගා ගැනීමට අදහස් කරන බවද ඔහු ප්‍රකාශ කරනවා.

සිය සෞදි අරාබියානු සංචාරය නව වසරේ පළමු සතියේදී සිදුවනු ඇතැයි කුවේට් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා අල්-යාහ්යා සමග ඩමස්කස් නුවරදී පැවැති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි පැවැසුවා.

එහිදී කුවේට් තානාපති කාර්යාලය නැවත විවෘත කර සිරියාව සමඟ සබඳතා තර කර ගන්නා ලෙසද අල්-ෂිබානි කුවේට් විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

World News