Latest News

සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර තිබෙනවා.

එලෙස නව මහ බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර සිරියානු මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයේ කටයුතු කළ මේසා සබ්‍රීන්.

බැංකු කේෂ්ත්‍රයේ වසර 15 කට වඩා අත්දැකීම් ඇති මේසා සබ්‍රීන්ට සිරියානු බැංකු පද්ධතිය අධීක්ෂණය කිරීමේ කටයුතු මිට පැවැරී තිබුණා.

ඩමස්කස් විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් වන සබ්‍රීන් සහතික ලත් රාජ්‍ය ගණකාධිකාරීවරියක් වනවා.

එසේම ඇය 2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට මහා බැංකුව නියෝජනය කරමින් ඩමස්කස් සුරැකුම්පත් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සබ්‍රීන් සිරියානු මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරියක ලෙස සහ කාර්යාල පාලන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබුණා.

2021 වසරේ සිට සිරියානු මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ මොහොමඩ් ඉසාම් හසිම් වෙනුවට මේසා සබ්‍රීන් මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර තිබෙනවා.

එවකට ජනාධිපති බෂාර් අල් අසාද් විසින් 2021 වසරේදී මහා බැංකු අධිපති ධුරය සඳහා මොහොමඩ් ඉසාම් හසිම් පත්කරනු ලැබුවා.

World News