Latest News

Paris 2024 Olympics: ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන මෙන්න

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්මිත පැරිසිය නොහොත් ‘ප්‍රේමයේ නගරය’ ලෙසින් හැඳින්වෙන පැරිස් නුවරදී අද (26) ආරම්භ වන මිහිමත දැවැන්තම ක්‍රීඩා උලෙළ දින 18ක් පුරා ක්‍රීඩා ඉසව් 32කට අදාළව රන් පදක්කම් 329ක් බෙදා දීමට සියලු කටයුතු සූදානම්.

ඒ අනුව අද සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති ඔලිම්පික් ක්‍රීඩා උලෙළට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක් හා නිලධාරීන් 9ක් පැමිණ සිටිනවා.

ලෝකයේ දියුණුම නගරයක් වූ පැරිසියේ නිර්මාණාත්මකව ගොඩනඟා ඇති ඔලිම්පික් ගම්මානයට මේ වන විට ලොව රටවල් 206ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,714ක් පැමිණ සිටිනවා.

විරේන් නෙත්තසිංහ (බැඩ්මින්ටන්), දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල), තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800), අරුණ දර්ශන (මීටර් 400) , කයිල් අබේසිංහ (මීටර් 100 නිදහස් ආර) හා ගංගා සෙනෙවිරත්න (මීටර් 100 පසුපස ආර) ශ්‍රි ලංකා ධජය යටතේ ඔලිම්පික් තරග බිමට පිවිසෙනු ඇති.

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සිටින ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන පහත පරිදි වනවා.

දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීම අගෝස්තු 7 දහවල් 1.55

(ඉහත වේලාවන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් බව කරුණාවෙන් සලකන්න)

World News

Send your contact Details Today