Latest News

චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200ක් ඉදි කරයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

දූෂණ විරෝධී මෙහෙයුම වේගවත් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගත් තීරණයට අනුව කටයුතු කිරීම වෙනුවෙන් මෙම බන්ධනාගාර ඉදිකෙරෙන බවයි සඳහන් වන්නේ.

එහිදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නීති උපදේශකයින් හෝ පවුලේ සාමාජිකයින් හමුවීමකින් තොරව මාස 06ක කාලයක් රඳවා තැබීම සඳහා අදාළ බන්ධනාගාර ඉදිකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

ලියුෂි ලෙස හැඳින්වූ මෙම බන්ධනාගාර 2018 වසරේ දී ද ඉදිකිරීමට පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් එම මධ්‍යස්ථානවල දී විවිධ වද හිංසනවලට ලක්කරන බව ද චෝදනා එල්ල වී තිබුණා.

World News

Send your contact Details Today