අමෙරිකා එක්සත් ජනපදයේ නිවාස නොමැති ජනගහණය වැඩි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ දී එය 18%කින් වැඩි වී ඇති බවයි අමෙරිකා නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වසරේ සිදුකළ වාර්ෂික සංගණනයක වාර්තාවක් නිකුත් කරමින් මේ බව හෙළි කෙරුණා.
ඒ අනුව අමෙරිකාව තුළ හත්ලක්ෂ හැත්තෑඑක්දහසකට වැඩි පිරිසකට නිවාස නොමැති බවයි සංගණන වාර්තවෙන් පෙන්වා දී ඇත්තේ.
ජීවන වියදම් අර්බුදය ඊට ප්‍රබල හේතුවක් වී තිබෙනවා.
ඉහළ උද්ධමනය මධ්‍යම හා පහළ ආදායම් සහිත පවුල්වල වැටුප් වැඩි නොකරීම් ඇතුළු කරුණු ඊට හේතුවී ඇති බව සඳහන්.