ලංකාවේ හැඩය ඇති හැඩයෙන් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් විසින් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් පවසනවා.
ඒ අනුව මෙම නිල් මැණික තමන් කරවිට ප්‍රදේශයේ මැණික් ගරන තැනැත්තෙකුගෙන් මිලදි ගත් බවයි යක්දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචි රොහාන් වසන්ත දිසානායක මහතා පැවසුවේ.
මෙම නිල් මැණික දෙස එකවර බැලුවිට එය පෙනෙන්නේ ලංකාවේ භූමි සැලසුමයි.
එමෙන්ම යාපන අර්ධද්වීපය වෙන්ව ඇති ආකාරය ද එහි මැනවින් දිස්වනවා.
මන්නාරමේ පිහිටීමද ඒ ආකාරයෙන්ම දිස්වන අතර ත්‍රිකුණාමලය මෙන්ම ලංකාවේ සිව් දිසාවම ඒ ආකාරයෙන් දිස් වනවා.
ඔහු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් ගල ඉදිරිපත් කර හඳුනාගැනීමේ පරීක්ෂණ වාර්තාවක් ඉකුත් 24 දින ලබාගෙන තිබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැණික් ව්‍යාපාරික රොහාන් වසන්ත දිසානායක මහතා…
“මෙවැනි මැණික් වර්ග දුර්ලභයි. දුර්ලභ වර්ගයේ පිහිටීම් ඇති ස්වාභාවික මැණික් එකතු කරන කෙනෙකුට මේ ගල ඉතාම වටිනවා. මේ ගල කපා ඔප දැමීමට මගේ අදහසක් නෑ.
කොළඹ ඇතුළු ලංකාවේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනවලට තියන්නත්, ඉඩක් ලැබුණොත් ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට තියන්නත් බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මගේ මිලට ආවොත් මම මේ මැණික් ගල විකුණනවා.”
අවුරුදු විසි දෙකක කාලයක් නාවික හමුදා සේවයෙක් කටයුතු කර විශ්‍රාම ලබා මැණික් මිලදි ගැනීමේ ක්ෂේත්රයට පැමිණ වසර පහක් පමණ වන බවද ඔහු සඳහන් කළා.