පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි හමුදා අධිකරණයක් විසින් සිවිල් වැසියන් 25 දෙනෙකුට දඬුවම් නියම කිරීමෙන් අනතුරුව අමෙරිකාව ඒ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකර තිබෙනවා.
අමෙරිකාව පවසන්නේ එහි ස්වාධීන විමර්ශනය සහ විනිවිදභාවය නොමැති බවයි.
අමෙරිකාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිවිල් වැසියන් සම්බන්ධයෙන් හමුදා අධිකරණවල නඩු විභාග කිරීම තුළින් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අඩපණ කරන බවයි.
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ඇති කැපවීම් තහවුරු කරන ලෙස ද එහිදී පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ද සිය කනස්සල්ල පළකර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ද X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ පාකිස්තාන සිවිල් වැසියන්ට හමුදා අධිකරණයකදී දඬුවම් නියම කිරීම ගැන අමෙරිකාව දැඩි කණස්සල්ලට පත් කරන්නක් බවයි.
යුරෝපා සංගමය ද අවධාරණය කරන්නේ පාකිස්තානය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සපුරාලීමට අසමත් වීම තුළ GSP+ සහනය ද අවදානමට ලක්වෙන බවයි.