ඇල්බේනියාවේ TikTok සමාජ මාධ්‍යජාලය වසරක කාලයකට තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ TikTok සමාජ මාධ්‍යජාලය ඔස්සේ ඇතිකරගත් ආරවුලක් දුරදිග යෑමෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙක් තවත් සිසුවකුගේ පිහි ඇනුමකින් ඝාතනයට ලක්වීමේ සිදුවීමක් මුල් කරමින්.
එම තහනම පනවා ඇත්තේ TikTok සමාජ මාධ්‍යජාලයෙන් දරුවන්ට ඇති වන අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
TikTok සමාජ මාධ්‍යජාලය තහනම් කරනු ලැබුවේ එරට පාසල් සිසුසිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සකස් කර ඇති ආරක්ෂිත සැලසුමක එක් පියවරක් වන අතර එම තහනම ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක වන බවයි එරට පාසල් ගුරුවරුන් සහ මවුපියන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇල්බේනියාවේ අගමැති එඩී රාමා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
පාසල්වල ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වීමට සමාජ මාධ්‍යජාලා හේතුවී ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.