Latest News

හිරු අභියසට, NASA යානයක් යයි

Published 17 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නාසා අභ්‍යාවකාශ යානයක් හිරු අසළටම යාමට උත්සහ කරමින් සිටින බව වාර්තා වනවා.

මෙ⁣ම යානය නම් කර ඇත්තේ Parker Solar Probe ලෙසින්.

2018 වසරේ අභ්‍යාවකාශය බලා ගමන් ආරම්භ කළ මෙම යානය දැනටමත් හිරු වටා වාර 21 ක් ගමන් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අභ්‍යාවකාශ ඉතිහාසයේ මෙම හිරු ගමන වඩා විශේෂ වන්නේ මෙම යානය, හිරු ට කිලෝමීටර් මිලියන 6.2 ක් දක්වාම ආසන්නයට යන නිසායි.

පෘථිවිය සහ හිරු අතර කිලෝමීටර මිලියන 93ක දුරක් තිබෙනවා.

ඒ අනුව පෘථිවිය සහ හිරු අතර දුර මීටර එකක් යැයි උපකල්පනය කළහොත් මෙම අභ්‍යාවකාශ යානය, එහි සෙන්ටිමීටර 4.5 ක් දක්වාම ආසන්නයට යනු ඇති.

හිරු සමීපයට යන නිසා දෙසැම්බර් 27 දක්වාම යානය සමග සන්නිවේදනය ඇනහිටින බව නාසා ආයතනය පවසනවා.

ඒ හිරු ගේ අධික උණුසුම සහ විකිරණශීලීතාවය හේතු කරගෙනයි.

මෙම තත්ත්වයෙන් මිදී,යානය නැවත පැමිණෙන විටයි, එය ආරක්ෂිත දැයි නිශ්චිතව දැනගත හැකි වන්නේ.

කෙසේ වෙතත් එම යානය පණිවිඩයක් නිකුත් කරන තෙක් පරීක්ෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙන් සිටින බව, මෙ⁣ම හිරු ගමනේ ප්‍රධානියා පවසා තිබෙනවා.

World News