ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළක් පැවැත්වෙමින් පවතින අතරතුර මෝටර් රථයක් සෙනඟ අතරට ධාවනය කරවීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු මියගොස් තිබෙනවා.
එහිදී පුද්ගලයින් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නගර බලධාරීන් පවසන්නේ.
සැකකරු 50 හැවිරිදි සෞදි අරාබියේ වෛද්‍යවරයකු වන අතර ඔහු 2006 වසරේ සිට ජර්මනියේ වාසය කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බොහෝ ජර්මානුවන්ට වේදනාකාරී මතකයන් කිහිපයක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.