2014 මාර්තු 8 වනදා අතුරුදන් වූ MH370 යානය පිළිබද සෙවීමේ කටයුතු යළි ආරම්භ කරන බව මැලේසියාව පවසනවා.
මැලේසියා ගුවන්සේවයට අයත් මෙම යානය මීට වසර 10කට පෙර අභිරහස් ලෙස අතුරුදන් වූයේ මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ද සමගයි.
බෝයින් 777යානය ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටියදියි අතුරුදන් වූයේ.
මැලේසියා ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ දකුණු ඉන්දීය සාගරයේ නව ප්‍රදේශයක යානය සෙවීමේ කටයුතු අවසන් වරට සිදුකළ බවයි.
කොතරම් සොයා බැලීම් කළද යානයේ සුන්බුන් මෙතෙක් සොයා ගැනීමට හැකිවුයේ නැහැ.
අවසන්වරට යානය සෙවීමේ කටයුතු සිදුකළ ඕෂන් ඉන්ෆිනිටි සමාගමට සුන්බුන් සොයාගත හොත් ඩොලර් මිලියන 70ක් ලැබෙනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ.