පසුගියදා පැවති “විඩෝ” සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීමට ප්‍රංශ ජනාධිපතිවරයා එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.
විඩෝ සුළි කුණාටුවෙන් ප්‍රංශ දූපත් ආශ්‍රිතව පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරදන්ව සිටිනවා.
දහස් ගණනක් ජනතාවකට මේ වන විටත් ජලය නොමැතිව පීඩා විදින බව වාර්තා වනවා.
විපතට පත් මයෝට්ටේ ප්‍රදේශයේ ජනාධිපතිවරයා සංචාරයක නිරතවූ ජනාධිපතිවරයා, දූපත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා නිවාස යළි ගොඩනැගීමට කටයුතු කරන බව පවසා තිබෙනවා.
ආහාර හා සෞඛ්‍ය උපකරණ ටොන් 4ක් රැගෙනයි ඔහු විපතට පත්වූවන් හමුවට ගොස් ඇත්තේ.