මීට පෙර අවස්ථාවකදී තමා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ රුසියාව මීට පෙර යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ යුතුව තිබූ අතර යුද්ධයට වඩා හොඳින් සූදානම්ව සිටිය යුතුව තිබු බවයි.
මෙම වසරේ අවසාන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම පුටින් ජනාධිපතිවරයා කියාසිටියේ විශේෂ යුධ මෙහෙයුමක් ලෙස හදුන්වන 2022 වසරේ ආක්‍රමණය සඳහා ක්රමානුකූල සූදානමක් තිබිය යුතු වූ බවයි.
2014 වසරේ දී රුසියාව යුක්රේනයට අයත් ක්රිමියාව අල්ලා ගත් අතර රුසියානු හිතවාදී හමුදා නැගෙනහිර යුක්රේනයේ ගැටුම් ආරම්භ කළ නමුත් පුටින් කියෙව් අල්ලා ගැනීමට උත්සාහ කළේ වසර අටකට පසුවයි.
වසර 25කට පෙර බොරිස් යෙල්ට්සින් රට හැර ගිය තැනට වඩා රට යහපත් තත්ත්වයක පවතින බව ඔබට හැඟෙන්නේ දැයි BBC පුවත් සේවයේ ස්ටීව් රොසෙන්බර්ග් නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් පුටින් ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව එහි ස්වෛරීභාවය නැවත ලබාගෙන ඇති බවයි.
පැය හතරක පමණ දීර්ඝ කාලයක් රූපවාහිනී සංවාදය පැවති අතර එහිදී ඔහු බලයෙන් පහකළ සිරියා ජනාධිපති හා රුසියාවේ වඩාත් ආක්‍රමණශීලී න්‍යෂ්ටික මූලධර්මයන් පිළිබඳවද අදහස් පල කළා.