ඊශ්‍රායල හමුදාව විසින් යේමනයේ හූති කැරළිකරුන්ට අයත් ප්‍රදේශයකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.
මිය ගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එසේම ඊශ්‍රායල හමුදාව විසින් හූති කැරළිකරුන්ට අයත් ප්‍රදේශවල පිහිටි බලාගාර දෙකකට, වරායකට සහ තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට ද බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළා.