Latest News

අමෙරිකා සිර කඳවුරක සිටි මැලේසියා යුවලක් වසර 18කට පසු නිදහස් කරයි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි මැලේසියා යුවලක් වසර 18 කට පසු නිදහස් කර තිබෙනවා.

සුප්‍රසිද්ධ බාලි බෝම්බ ප්‍රහාරයට අදාළවයි මොවුන් සිරගතව සිටියේ.

2003 වසරේ ඉන්දුනිසියාවේ ජාකර්තාහි හෝටලයක මෙම බෝම්බ පිපිරීම සිදුවුණා.

ඒ 200කට වැඩි පිරිසකට මරු කැඳවමිනුයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම මැලේසියා ජාතිකයන් දෙදෙනා වරද පිළිගෙන තිබුණා.

ඒ අනුව වසර 18කට පසුව ඔවුන් ග්වන්තනාමෝ බේ සිර කඳවුරෙන් නිදහස් කෙරුණේ පුනරුත්ථාපනය කිරීමෙන් ද පසුවයි.

ඔවුන් නිදහස් කරමින් පෙන්ටගනය පවසා ඇත්තේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට එරෙහිව මොවුන් දෙදෙනා සාක්ෂි ලබාදී ඇති බවයි.

නිදහස් වී සිය රට පැමිණි දෙදෙනා හොද සෞඛ්‍ය තත්තවයෙන් පසුවන බව මැලේසියා පොලිස්පතිවරයා පවසා තිබෙනවා.

World News