ඉන්දියාවේ, දිල්ලි හි පවතින විෂ සහිත වායු තත්ත්වය, Covid-19 වසංගතයට වඩා මහජන සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන බවට විශේෂඥයින් අනතුරු අඟවනවා.
ඒ, පෙර පැවති තත්ත්වය යළිත් වරක් අනතුරුදායක මට්ටමට ළඟා වීම හේතුවෙන් බව සඳහන්.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ අද (18) දිල්ලි හි වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ආරක්ෂිත සීමාවට වඩා 35 ගුණයකින් පමණ පිරිහීමට ලක්ව ඇති බවයි.
ඒ අනුව අද දිනයේදී, නිවැසියන් බොහෝදෙනෙක් හුස්ම ගැනීමේ ගැටළු මෙන්ම ඇස් සහ උගුරේ ආසාදන සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් සඳහන්.
පවතින තත්ත්වය හමුවේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ, කෙටි කාලීන පියවරක් පමණක් වන නමුත් නිතර මුව ආවරණයක් පැළඳ සිටින ලෙසයි.