එක්සත් ජනපදයේ Amazon සමාගමෙහි කම්කරුවන් නත්තලට පෙර වැඩ වර්ජනයකට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ‘Teamsters’ සංගමය නියෝජනය කරන දකුණු කැලිෆෝනියාව, නිව් යෝර්ක් සහ ඉලිනොයිස් හි ඇමසන් කම්කරුවන් හට වැඩ වර්ජනවලට අවසර දී දින කිහිපයකට පසු ගබඩා හතරක ද වැඩ වර්ජනයකට අවසර දී ඇති බව සඳහන් වනවා.
වැඩවර්ජන සම්බන්ධයෙන් මීට ඉහත මාධ්‍ය නිවේදනයකින් දැනුම් දීමක් ද සිදුකර තිබුණා.
එක්සත් ජනපදය පුරා ඇමසන් පහසුකම් 10 ක කම්කරුවන් දහස් ගණනක් ‘Teamsters’ සංගමය නියෝජනය කරන බව සඳහන්.