Latest News

ඊශ්‍රායල – පලස්තීන යුද්ධයෙන් සිසුන් 13,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තාවක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දිගු කලක සිට පවතින දේශ සීමා සහ වාර්ගික ජන අර්බුදය හේතුවෙන් උද්ගත වූ යුද තත්ත්වයෙන් බටහිර ගාසා ඉවුරේ සිටි පලස්තීන සිසුන් 13,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව පලස්තීන රජය පවසනවා.

ඒ අනුව පලස්තීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම කරුණු මාධ්‍යයට අනාවරණය කර ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් සිසුන් දසදහස ඉක්මවමින් මියගොස් ඇති සේ ම 20,942ක් බරපතළ තුවාල ලබා ඇති බවත් පලස්තීනය පෙන්වා දෙනවා.

ඊයේ (17) දිනය වනවිටත් ඊශ්‍රායලය නො නැවතී පලස්තීනයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් අවම වශයෙන් එහි සිටින සිවිල් වැසියන් දසදෙනෙකු හෝ අවම වශයෙන් මරා දමන්නට ඇතැයි පලස්තීන රජය සැක පළ කරනවා.

එමෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි කමාල් ඇඩ්වාන් රෝහලට පහර දී එහි විදුලි පද්ධතියටම හානි පමුණුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසා ඇත්තේ ඇඩ්වාන් රෝහල ඇත්තේ භයානක අඩියක බවයි.

එබැවින් වහාම මෙම ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉල්ලා සිටිනවා.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය 2023 ඔක්තෝබර් 7 සිට මේ දක්වා පහරදීම් සිදු කෙරෙන අතර ඉන් අවම වශයෙන් පලස්තීනුවන් 45,059 ක් මියගොස් 107,041 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් විසින් මෙහෙයවන ලද ප්‍රහාරවල දී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මියගොස් 200කට වැඩි පිරිසක් අනාථ කඳවුරුවලට යොමු කර තිබෙනවා.

World News