ඉරානයට බලපෑ වැලි හා දූවිලි කුණාටුවකින් පළාත් කිහිපයක සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා ඇති වූ මෙම වැලි හා දූවිලි කුණාටුව හේතුවෙන් පාසල් වසා දැමුණු අතර ගුවන් ගමන්වාර රැසක් අවලංගු කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.
දෘෂ්‍යතාව අවම වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වූ බව ද සඳහන්.
රජයේ කාර්යාල ඇතුලු පොදු ස්ථාන ද වසා දැමීමටයි කටයුතු කෙරුණේ.
ඇතැම් ප්‍රදේශයන්හි වායු ගුණාත්මක තත්ත්වය ඉතා පහල අගයක පැවති බව වාර්තා වනවා.
මිනිස් ශ්වසනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති අගය මෙන් විසිපස් ගුණයක පමණ දුර්වල අගය වායු ගුණාත්මක තත්ත්වය පැවති බව ද සඳහන්.