Latest News

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කරයි

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ත්‍රිවිධ හමුදාව ලබාදී තිබූ ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද ප්‍රකාශ කළා.

මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන්නේ පොලිස් ආරක්ෂාව පමණක් බවයි ඔහු පාර්ලිමේන්තුවේදී කියාසිටියේ.

පසුගිය මාස එකොළහයි දින පහළොව තුළ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට රුපියල් මිලියන 1,448 ක් වැය කර ඇති අතර එය මහජන මුදල් නාස්තියක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මාස හයකට වරක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සමාලෝචනයකින් පසු ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳවද ඇමතිවරයා තොරතුරු අනාවරණය කළා.

ඒ අනුව දැනට පවතින ආරක්ෂාව පහත පරිදි වනවා…

  1. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිසියේ 60 දෙනෙකු සහ හමුදාවේ 228 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් ලබා දී ඇත.
  2. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හමුදා සාමාජිකයන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60 දෙනකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා දී ඇත.
  3. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හමුදාවේ 188 දෙනෙක් සහ පොලිසියේ 22 දෙනෙක් ඇතුළත් ආරක්ෂාවක් සපයා ඇත.
  4. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හමුදාවේ 57 දෙනෙක් සහ පොලිසියේ 60 දෙනෙක් සහිත ආරක්ෂාවක් සපයා තිබෙනවා.
  5. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට පොලිසියේ 60 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා ඇත.
  6. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට පොලිසියේ 10 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා තිබෙනවා.

World News