Latest News

මුදල් විශුද්ධිකරණ නීති කැඩූ කැනඩාවේ බැංකුවකට දඩ

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුදල් විශුද්ධිකරණ නීතිරීවලට අනුකූල නොවීම හේතුවෙන් කැනඩාවේ ප්‍රධානතම බැංකුවක් වන එක්ස්චේන්ජ් බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 2.46ක දඩයක් පැනවීමට එරට මූල්‍ය බුද්ධි ඒජන්සිය පියවර ගෙන තිබෙනවා.

ඒ කැනඩාවේ මූල්‍ය බුද්ධි ඒජන්සිය එම දඩය පනවා ඇත්තේ එරට මූල්‍ය ගනුදෙනු සහ වාර්තා විශ්ලේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් පදනම් කරගෙනයි.

සැක සහිත ගනුදෙනු පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමට සාධාරණ හේතු තිබියදීත්, ව්‍යාපාරික සම්බන්ධතා අඛණ්ඩව අධීක්ෂණය කිරීමට කැනඩාවේ එක්ස්චේන්ජ් බැංකුව අසමත් වී තිබෙන බවයි එම වාර්තාවෙන් හෙළිවී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකායේ සාමාජිකයකු වන කැනඩාව මුදල් විශුද්ධිකරණ නීති ක්‍රියාත්මක නොකිරීම බරපතළ කරුණක් බවත්, මේ තත්ත්වය මත කැනඩාව විශේෂයෙන් දේපළ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ මුදල් විශුද්ධිකරණයේ පාරාදීසයක් බවට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වසර 2008 සිට 2018 අතර කාලයේ ටොරොන්ටෝ නුවර මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආයතන හරහා අමෙරිකානු ඩොලර් බිලියන 28කට වැඩි මුදලක් ආයෝජනය කර ඇතැයි ද, නිශ්චල දේපළ සඳහා ආයෝජනය කරනු ලැබූ එම මුදලෙන් ඩොලර් බිලියන 10ක පමණ ගනුදෙනු චෙක්පත්වලින් නොව මුදලින් සිදු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වනවා.

World News