Latest News

චීන – අමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දීර්ඝ කෙරේ

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන – අමරිකානු තාක්ෂණ සහයෝගීතාවේ මූලික හරය අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලැබීම බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (16) දින පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා

චීන – අමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දිර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පසුගිය 13 වනදා දෙරට නියෝජිතයින් බෙයිජිං හිදී අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර අත්සන් කරමින් “චීන – අමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” 2024 වසරේ අගෝස්තු 27 වනදා සිට ඉදිරි වසර 5ක් දක්වා දීර්ඝ කළා.

“චීන – අමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” දීර්ඝ කිරීම, දෙරට නායකයන්ගේ හමුවීමේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක්.

එය දෙරටේම ජනතාවගේ ජයග්‍රහණයන්ට අනුකූල වන අතර ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද ගැලපෙන බව Lin Jian මහතා සඳහන් කළා.

අදාළ ගිවිසුම වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර, චීන – අමරිකානු තාක්ෂණ සහයෝගිතාව තුළින් ලබා ගන්නා ජයග්‍රහණ දෙරටට මෙන්ම සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ලබා දීම සඳහා අමරිකාව චීනය සමඟ එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බවයි Lin Jian මහතා ප්‍රකාශ කළේ.

World News