ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් මිය ගොස් තිබෙනවා.
මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවුණා.
සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ අසහාය චරිතයක්.
සිඩ්නි හා මෙල්බර්න් හි අතිශය සාර්ථක ප්‍රසංගයකින් මාස කිහිපයකට පසුවයි ඔහු මෙලෙස ජිවිතයෙන් සමුගෙන ඇත්තේ.
පෙනහළු ආශ්‍රිත රෝගාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ අය පැවසුවේ.
1951 වසරේදී මුම්බායි හි උපත ලද සකීර් ප්‍රකට තබ්ලා වාදකයෙකු වන අල්ලා රකාගේ වැඩිමහල් පුත්‍රයායි.
ඔහුට යන්තම් දින දෙකක් වයසැති වියේදී පටන් තබ්ලා වාදනයට අත්පොත් තැබුවේ පවුල් පරිසරයත් සමඟයි.
සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ ජෝර්ජ් හැරිසන්ගේ ලිවිං ඉන් ද මැටීරියල් වර්ල්ඩ් ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය හාඩ් වර්ක් සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමඟයි.
හුසේන්ගේ වෘත්තීය ජීවිතය දශක 5ක් පුරා විහිදුනු අතර ඔහු ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙසද ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා.