ප්‍රංශයට අයත් මයෝට් ප්‍රදේශයේ 11 දෙනෙකු, “චිඩෝ” සුළි කුණාටුව හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
“චිඩෝ” සුළි කුණාටුව පැයට කිලෝමීටර් 225 ට වඩා වැඩි වේගයෙන් හමා යමින් පවතිනවා.
මේ වනවිට ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් මයෝට් දූපත්හි 320,000ක පිරිසක් අවතැන්ව සිටිනවා.
ඔවුන් ආහාර හා ජලය නොමැතිකම මෙන්ම නිවාස අහිමි වීමෙන් ද පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කුණාටුව හේතුවෙන් අවතැන්වුවන් බොහෝ පිරිසක් සරණාගතභාවය ඉල්ලා ප්‍රංශයට පැමිණි අය වීම ද බරපතල ගැටළුවක් වී තිබෙන බව ද සඳහන්.
එමෙන්ම මයෝට් හි ජිවත්වන ජනගහනයෙන් 75% ක් පමණ දිළිඳු අය බවයි වාර්තා වන්නේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මයෝට් වැසියන්ට අවශ්‍යපහසුකම් ලබා දෙන බවට සහතික වී තිබෙනවා.
මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට ද වාර්තා පළ වනවා.
