Latest News

ප්‍රංශයේ නව අගමැති නම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අගමැති ධුරයට ෆ්‍රැන්කොයිස් බයිරෝ නම්කර තිබෙනවා.

ඒ පසුගිය මාස හය තුළ රට මුහුණ දුන් දෙවන ප්‍රධාන දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමේ වගකීම ඔහුට පවරමින්.

පසුගිය සතියේ මයිකල් බාර්නියර් සහ ඔහුගේ රජය ඓතිහාසික විශ්වාසභංගයකට ඇද වැටීමෙන් පසු මැක්‍රොන් ජනාධිපති ධුරයේ හයවන අගමැති බයිරෝ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

73 හැවිරිදි ඔහුගේ නම්කිරිම සිදුකර ඇත්තේ එලිසී මාලිගයේ පැය දෙකකට ආසන්න කාලයක් පැවති රැස්වීමකින් පසුව බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today