Latest News

යුරෝපයේ සිටින බලවත්ම පුද්ගලයා ඉතාලි අගමැතිණිය බව නවතම ශ්‍රේණිගත කිරීමකින් හෙළිවේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ සිටින බලවත්ම පුද්ගලයා ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි බවත් ලෝක ධනවතුන්ට යුරෝපය ගැන කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ පළමු තේරීම වන්නේද ඉතාලි අග්‍රාමත්‍යවරිය බවත් පොලිටිකෝ වෙබ් අඩවිය පවසනවා.

යුරෝපයේ 2025 වසරේ බලවත්ම පුද්ගලයන් 28 දෙනා නම් කරමින් පොලිටිකෝ වෙබ් අඩවිය සිය නවතම ශ්‍රේණිගත කිරීම පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර එහි බලවත්ම පුද්ගලයාට හිමි කිරුළ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි හිමිව තිබෙනවා.

“බ්‍රදර්ස් ඔෆ් ඉටලි” නායිකාව වන මෙලෝනි වසර 10 ක් වැනි කෙටි කාලයක් තුළදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය දක්වා සාර්ථක ගමනක් පැමිණි බවත් ඇය මේ වනවිට යුරෝපයේ පමණක් නොව ලෝකයේද බලවත් කාන්තාවක් වී අවසන් බවත් පොලිටිකෝ වෙබ් අඩවිය ප්‍රකාශ කළා.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලින් හිමිව ඇති අතර දෙවන ස්ථානය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හිමිව තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා දේශපාලනමය වශයෙන් දීර්ඝ ක්‍රීඩාවක් සෙල්ලම් කරන බවත් කෙසේ හෝ ඔහු තම අරමුණු ඉටුකර ගන්නා අයුරු පෙනෙන්නට තිබෙන බවයි පොලිටිකෝ වෙබ් අඩවිය පැවැසුවේ.

World News

Send your contact Details Today