Latest News

ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි අවදානම් කලාප 12ක්

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙසැම්බර් මස මුල් සතිය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 778 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,305 දක්වා ඉහළ ගොස් ඇති බවත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,670ක් වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි අවදානම් කලාප 12ක් ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව, මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 23 ක් වාර්තා වී තිබෙනවා.

World News