‘ශ්‍රී ලංකාවේ, උතුරේ ආවා කල්ලියේ’ ප්‍රධානයෙකු කැනඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
32 හැවිරිදි ප්‍රසන්න නල්ලලිංගම් නමැති සැකකරු, යාපනය ප්‍රදේශයේ ‘ආවා කල්ලියේ’ නායකයකු ලෙස ක්‍රියාකර ඇති බව සඳහන්.
ඔහුට මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ තියුණු ආයුධ ප්‍රහාරදීම් වැනි සිද්ධීන්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම වසරේ මාර්තු මාසයේදී සිදුවූ තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ඔහු ප්‍රධාන සැකකරු වන අතර ශ්‍රී ලංකා බලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයාමින් සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සැකකරු බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති අතර අනතුරුව ඔහු කැනඩාවට පළාගොස් තිබෙනවා.
පසුව ප්රංශයටද සංක්‍රමණය වී ඇති සැකකරු එරට මෙවැනිම ‘කල්ලියක් නිර්මාණය කරමින්’ ගැටුම් ඇතිකර ඇති බවටද වාර්තා වනවා.
ප්‍රංශයේදී සිදුවු එවැනි ගැටුමකදී තරුණයකු මියගොස් තවත් කෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.