වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ “කෝලිය” නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.
කෝලිය මියගොස් සිට ඇත්තේ මින්නේරිය රොටවැව ඇල රක්ෂිත කලාපයේයි.
වයස අවුරුදු 25 ක් වන මෙම ඇතාගේ උස අඩු 08 ක් පමණ වනවා.
එක් දළයක් දිග අඩි 04 යි අගල් 04ක් පමණ වනවා.
කෝලිය ඇතා මියයාමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.