Latest News

🌦 Adverse Weather SL: ආපදාවලින් සිව් දෙනෙකු මරුට, හය දෙනෙකු අතුරුදන් – ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉවත්වන්නැයි දැනුම්දීමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බල පා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

පුද්ගල මරණ 04ක් වාර්තාවී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.

එමෙන්ම පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර ප්‍රදේශ වලටයි.

අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවයි.

එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රා.ලේ කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

World News