ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය.
මේ අතර චීනයේ සංචාරයක් සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
චීන සංචාරය සඳහා මෙරට සිටින චීන තානාපති කාර්යාලය හරහා ආරාධනය ලැබී තිබුණි.