පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම උඩරට දුම්රිය මාර්ගයට පස් කදු ගල්පර්වත කඩා වැටී ඇති අතර, මේ වනවිට දුම්රිය සේවකයන් මාර්ගයට කඩා වැටී ඇති පස් කදු ගල්පර්වත ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටිති.
නමුත් පවතින අධික වර්ෂාව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව තිබේ.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්රී තැපැල් දුම්රිය මේ හේතුවෙන් දැනට නානුඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති අතර, බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) අලුයම 5.45 ට ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකළ බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස් කදු, ගල්පර්වත සහ ගස්කොළන් ඉවත් කිරීමට තව පැය කීපයක් ගත වන අතර, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල-කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශයකු පැවසීය.