Latest News

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලු‍ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දැනුම්දීමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලු‍ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටිනවා.

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ එරට සිටින සියලු විදෙස් ශ්‍රමිකයින් ලබන 31 වනදාට පෙර ඇගිලි සලකුණු ලබා දිය යුතු බවයි.

ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්‍රා යන නගරවල පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල ඇඟිලි සලකණු ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

කුවෙට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලු‍ම රාජ්‍ය හා බැංකු කටයුතුවලට බාධා පැමිණිය හැකි බවයි.

World News