මන්නාරමේ සවුත් බාර් ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු විසින් මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් විවෘත කිරීමේදී එය පුපුරා යාමෙන් එම ධීවරයින් දෙදෙනා ඊයේ (21) බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ, මන්නාරම පනංකට්ටු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්. රමේෂ් සහ ඒ. ආරෝග්යනාදන් යන ධීවරයින් දෙදෙනායි.
අනතුරින් තුවාල ලැබූ ධීවරයින් දෙදෙනා මන්නාරම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම ධීවරයින් දෙදෙනා මසුන් අල්ලමින් සිටියදී මුහුදේ පාවී ආ මෙම පාර්සලය ඔවුන් කරා ළගා වී ඇති අතර, එක් ධීවරයෙකු එය අහුලා ගෙන විවෘත කිරීමේදීයි පාර්සලය පුපුරා ගොස් ඇත්තේ.
පුපුරා ගිය පාර්සලයේ අඩංගු වූයේ කුමන ද්‍රව්‍යයක්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.
මන්නාරම පොලිසිය හා නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා.