රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්වෝද්‍යානයට සිංහයෙකු සහ දුඹුරු වලසුන් දෙදෙනෙකු ඇතුළු සතුන් 70 කට වැඩි ප්‍රමාණයක් තෑගි කර තිබෙනවා.
ඒ මොස්කව් සහ ප්යොංයැං අතර සබඳතා වර්ධනය වී ඇති බවට කරන තවත් ප්‍රදර්ශනයක් ලෙසින්.
පුටින්ගේ පරිසර ඇමති ඇලෙක්සැන්ඩර් කොස්ලොව් විසින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් උතුරු කොරියානු අගනුවරට මෙම සතුන් රැගෙන ආ බව සඳහන්.
යුක්රේනය සමඟ සටන් කිරීමට රුසියාවට උතුරු කොරියාව විසින් තම හමුදා එවූ බව අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව හෙළිදරව් කිරීමෙන් සති කිහිපයකට පසුව රුසියානු නායකයා මෙම තෑගි ලබා දීම විශේෂත්වයක්.