කාන්තාවකගේ ගර්භාෂයේ ඇතිවී තිබූ කිලෝ 10ක පමණ ගෙඩියක් සාර්ථක ඉවත් කළ පුවතක් කතරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙය සිදු කර ඇත්තේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා විසින්.
තමන්ට ආහාර ගැනීමට සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති බවට පවසමින් විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට පැමිණි කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම සැත්කමට භාජනය වී තිබෙනවා.
පසුගිය 20 වනදා) උදෑසන දහයට හම්බන්තොට මහ රෝහලේදී මෙම සැත්කම සිදු කර ඇති බවත් සැත්කමට භාජනය වූ වයස අවුරුදු 40වන කාන්තාව මේ වන විට නිරෝගී සුවයෙන් පසුවන බවත් සඳහන්.
ගර්භාෂයේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීම නිසා මෙලෙස අසාමාන්‍ය ගෙඩි හට ගැනීම සිදුවන අතර මෙම තත්ත්වය මත උදරයේ ඇති අපහසුතා සම්බන්ධයෙන් නොසලකා හැරීමෙන් රෝගියා මිය යෑමට ඉඩ ඇති බවත් විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කර තිබෙනවා.