Latest News

ඇමසන්හි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් වර්ග කිහිපයක් රටින් පිට කිරීමට ගිය පුද්ගලයෙකුට වැඩ වරදී (PHOTOS)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමසන් වනාන්තර පරිසරය ආශ්‍රිතව ජීවත්වන, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මකුළුවන් 320 ක්, පත්තෑයන් 110 ක් සහ කුහුඹුවන් 9 ක් සිරුරේ බැඳගෙන රටින් පිටවීමට උත්සාහ කළ පුද්ගලයෙකුව පේරුහි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 28 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙක්වන අතර නොවැම්බර් 8 වන දින ලීමා හි ජෝර්ජ් චාවේස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ඔහුව පරීක්ෂා කිරීමේදීයි මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගේ බඩ ප්‍රදේශය විශාල ලෙස පෙනෙන නිසා නිලධාරීන් ඔහුව ගැන සැක සිතී ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහුගේ උදරයේ බඳින ලද සිප්ලොක් බෑග් තුළ අසුරා තිබූ මෙම කෘමීන් සොයාගෙන ඇති බව සඳහන්.

ප්‍රංශය හරහා දකුණු කොරියාව බලා යමින් සිටි මෙම පුද්ගලයා මෙම කෘමීන් පේරු ඇමසන් වනාන්තරයේ Madre de Dios කලාපයෙන් ලබාගෙන ඇති බවට සැලකෙනවා.

World News