ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් අතර අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීමේ අක්ෂි රෝගය ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
වර්තමානයේදී ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර භාවිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අනූශා තැන්නේ කුඹුරු මහත්මිය සඳහන් කළේ.
ඒ අනුව කුඩා දරුවන්ගෙන් 30%ක් පමණ එම අක්ෂි රෝගයට ගොදුරු වී තිබෙන බව ඇය සඳහන් කළා.
එමෙන්ම ඉදිරි දශකයක කාලය තුළ එය 50% ඉක්මවා යා හැකි බවයි විශේෂඥ වෛද්‍ය අනුශා මහත්මිය පෙන්වා දී ඇත්තේ.