Latest News

විදෙස් දුරකතන ඇමතුම් ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි ඉහළට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදෙස් දුරකතන ඇමතුම් ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව විදෙස් දුරකතන අංක යොදාගනිමින් පැමිණෙන වට්ස්ඇප් කෙටි පණිවුඩ ඔස්සේ වැඩි වශයෙන් මුදල් වංචා කිරීම් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මුදල් වංචා කිරීම් මූලික කරගනිමින් එම දුරකතන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලැබෙන බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

කෙසේවෙතත් අනන්‍යතාව තහවුරු නොවූ කිසිඳු පුද්ගලයෙකු සමග WhatsApp ඔස්සේ මුදල් ගනුදෙනු තොරතුරු හුවමාරු නොකරන ලෙසයි එම කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය නොමැති, ජංගම දුරකතන භාවිතය ද දිනෙන් දින ඉහළ යන බවට හඳුනාගෙන තිබෙනවා.

ඉදිරි දිනවලදී ඊට අදාළව පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

නවතම ජංගම දුරකතන ආනයනය කිරීම වෙනුවට වෙනත් රටවල භාවිත කරන ලද ජංගම දුරකතන, නිසි ක්‍රමවේදවලින් බැහැරව ශ්‍රී ලංකාවට රැගෙන ඒම තුළින් අදාළ ගැටලුව උද්ගතව තිබෙන බව සඳහන්.

ජනතාව මිලදී ගත යුත්තේ කොමිසම විසින් අනුමත කරන ලද ජංගම දුරකතන පමණක් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ.

World News