Latest News

අමෙරිකාවට දරුණු සුළිකුණාටුවක් කඩා වදී – මිලියනයකට විදුලිය ඇණහිටියි (VIDEO)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවට දරුණු සුළිකුණාටුවක් කඩා වැදී තිබෙනවා.

සුළිකුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාවෙන් වොෂින්ටනයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගස් කඩා වැටීම් ද ප්‍රදේශ රැසක වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 110ක පමණ වේගයෙන් හමා යන සුළිකුණාටුව හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසකට විදුලිය ද ඇණහිට ඇති බවත් සඳහන්.

පවතින දැඩි සුළං සහ වර්ෂාපතනය හමුවේ බටහිර වොෂින්ටනය පුරා පාසල් සහ උපකාරක පන්ති සියල්ල අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු වොෂින්ටනයේ සිට සියෙරා නෙවාඩා කඳුවැටිය දක්වා හිම කුණාටු අනතුරු ඇඟවීම් ද තවත් ප්‍රදේශ රැසකට අධික සුළං සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

World News