Latest News

උගන්ඩාවේ විපක්ෂ නායක, කෙන්යාවේදී පැහැරගනී

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උගන්ඩාවේ විපක්ෂ නායක කිසා බෙසිග්යේ (Kizza Besigye) අසල්වැසි කෙන්යාවේදී පැහැරගෙන ගොස් ඇති බවටත් මේ වන විට ඔහු උගන්ඩාවේ කම්පාලා හි හමුදා බන්ධනාගාරයක රඳවා සිටින බවටත් ඔහුගේ බිරිඳ වන විනී බියන්යිමා ප්‍රකාශ කර තිබෙනවා.

සති අන්තයේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි පැවති පොත් එළිදැක්වීමේ උත්සවයකදී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි ඇය X හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඇය X හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

ලැබුණු විශ්වාසදායක ආරංචියකට අනුව, තම සැමියා කම්පාලා හි හමුදා බන්ධනාගාරයක රඳවා තබාගෙන සිටින බව තමන් දන්නා බවයි බියන්යිමා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම, ඔහුව නිදහස් කරන මැයෙන් ඇය උගන්ඩා රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

බෙසිග්යේව පසුව උසාවියකට ඉදිරිපත් කරන බව හමුදා ප්‍රකාශක ෆීලික්ස් කුලයිග්යේ උගන්ඩා ගුවන්විදුලි ජාල ඒජන්සියට පවසා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් බෙසිග්යේව මෙලෙස අල්ලා ගැනීමට හේතු සඳහන් කර නැහැ.

මෙම තත්ත්වය හමුවේ, උගන්ඩාවේ ඩේලි මොනිටර් පුවත්පත වාර්තා කරන්නේ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ සංසදයේ (FDC) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඔහු එහි පෙනී සිටිනු ඇතැයි අපේක්ෂාවෙන් කම්පාලා හි හමුදා අධිකරණයට රැස්ව සිටි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෙන්යාවේ රාජ්‍ය අරමුදල් සපයන මානව හිමිකම් ආයතනය වන KNHRC සඳහන් කරන්නේ, සිය රටේ සරණාගතභාවය පතා එන පුද්ගලයින්ව ඕනෑම ආකාරයකින් පැහැර ගැනීම හෙළා දකින බවයි.

68 හැවිරිදි කිසා බෙසිග්යේ, 1986 සිට බලයේ සිටින වත්මන් යොවේරි මුසවේනිට එරෙහිව ජනාධිපතිවරණ හතරකට තරග කර පරාජයට පත්ව ඇති අතර ඔහු FDC වෙත නායකත්වය ලබා දෙනවා.

ඔහු වෙනුවෙන් පෙනී සිටින බිරිඳ වන විනී බියන්යිමා, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වන අතර, ඒඩ්ස් මුලිනුපුටා දැමීම සඳහා පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන වන Unaids හි විධායක අධ්‍යක්ෂවරියක් ද වනවා.

බෙසිග්යේ, මුසවේනිගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ නමුත් පසුව විපක්ෂ නායකයෙකු බවට පත්ව උගන්ඩා නායකයා “ඒකාධිපතියෙකු” ලෙස හැඳින්වීම කැපී පෙනෙනවා..

ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ද වංචා සිදු වූ බවට චෝදනා කර ඇති නමුත් රජය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විවිධ හේතු මත මීට පෙර අවස්ථා කිහිපයකදීත් විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ එක් අවස්ථාවකදී ඔහුගේ අතට වෙඩි වැදී තිබුණු අතර තවත් අවස්ථාවක ඔහුගේ ඇසට තුවාල වූ බව සඳහන්.

World News