රටේ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන් සමඟ, හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ ඇමරිකානු නීති සම්පාදකයින් 46 දෙනෙක් විසින්.
මෙම විස්තර ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි), ඇමරිකානු අංශය විසින් සමාජ මාධ්‍ය වේදිකාව වන X හි බෙදා ගනු ලැබුවා.
රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ දෙකේම සාමාජිකයින් ඇතුළු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 46 දෙනෙකු ඉම්රාන් ඛාන් නිදහස් කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපති ජෝ බයිඩන්ට මෙම ලිපිය යොමු කර ඇතැයි එහි සඳහන්.