Latest News

අමෙරිකාව ලබාදුන් තෑග්ග, යුක්රේනය විසින් ප්‍රථම වරට භාවිතයට ගනියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල, යුක්රේනය විසින් ප්‍රථම වරට රුසියාවට එල්ල කර තිබෙනවා.

උතුරු යුක්රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දිගු දුර මිසයිල භාවිතයට යුක්‍රේනයට අවසර ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර දිනක් ගතවීමත් සමඟයි යුක්රේනය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

World News